Update : පාසල් වාරය අදින් අවසන්

මැයි 19, 2022

    Update : 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම හා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ


    රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප‍්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශ කර සිටින අතර 2021 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් පසු පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වන සඳුදා යළි ආරම්භ වේ.

    ---------------------------------

    පෙර ප්‍රවෘත්තිය - 

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් (20) අවසන් වේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

    ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි මස 6 වනදා ආරම්භ වීමට නියමිතය.

    2021 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වනදා ආරම්භ වීමට නියමිත බැවින් මෙලෙස පළමු වාරය අදියර දෙකක් යටතේ පාසල් පැවැත්වීමට තීරණය කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මැයි 2022 17:05

    Latest News