දීපව්‍යාප්ත වැඩවර්ජනයට අද ගුරු - විදුහල්පතිත් එක්වෙයි

සැප් 26, 2019

    වැටුප් විෂමතාවය ඇතුලු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති අද (26) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවිමට සැලසුම් කර තිබේ.

    රජයේ විධායක සේවා නිලධාරින්,රාජ්‍ය පරිපාලන නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මකයි.
    මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වර්ජනය 14 වන දිනත් අද දිනයේ ක්‍රියාත්මක වෙයි.

    මේ අතර හෙද පරිපූරක වෛද්‍ය අතුරු හා වෛද්‍ය සේවාවන් වල ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වූ විසදුම් ලබා දීමට නොකළහොත් දීප ව්‍යාප්ත වර්ජනයකට එළඹෙන බව රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 08:44

    Latest News