ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 වන දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට තීරණය කර ඇති බව,අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

කැබිනට් මණ්ඩලය ඊයේ හවස රැස් වූ අතර ගුරු ගැටලුව සම්බන්ධ “ක්ෂණිකව ඊයේ හවසම විසඳුමක් ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කළ නොහැකි බවත් කැබිනට් මණ්ඩලය මේ පිළිබඳ ලබා ගන්නා තීරණය අනෙකුත් රාජ්‍ය සේවයේ සමාන්තර සේවාවන්ට ද බලපාන බැවින් සියලුදෙනාට සාධාරණයක් වන පරිදි සමස්ත රාජ්‍ය සේවය ගැන සිතා බලා විසඳුමකට පැමිණීමටත්” තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

බස්නාහිර පළාතේ 12 වන ශ්‍රේණියේ සිසුන්ටද පාසල් යළි විවෘත කරන ලෙසට විදුහල්පතිවරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

වැටුප් විෂමතාවය ඇතුලු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති අද (26) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවිමට සැලසුම් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් 354න් 302 ක විදුහල්පතිධූර සදහා නිත්‍යානුකූල පත්කිරීම් වත්මන් පාලන කාලය තුළ මගහරිමින් සිටිනුයේ එළඹෙන මැතිවරණවලදී තම ආණ්ඩුවට වාසිවන අයුරින් මෙම විදුහල්පතිවරුන් හා පාසල් ප්‍රජාව මෙහෙයවීමට බව පවසමින් ලංකා ගුරු සේවා සංගමය ජනතාව නොමග යැවීමට දරණ උත්සාහය තරයේ හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Latest News