ගුරු විදුහල්පති ගැටලුව විසදීම සම්බන්ධයෙන් තම වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය අද දැනුම් දෙන බව ලංකා ගුරු සංගමය පවසයි.

නිරෝධායන නීති කඩකරමින් ඊයේ සිදු කෙරුණු උද්ඝෝෂණයට අදාළව අත්අඩංගුවට පත් පුද්ගලයන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

ගුරු සංගම් 18ක් එක්ව ක්‍රියාත්මක කළ ගුරු විදුහල්පති අසනීප නිවාඩු අවසන් කරමින් අද සිට අකුරට වැඩ කිරීම ආරම්භ කර තිබේ.

වැටුප් විෂමතාවය ඇතුලු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති අද (26) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවිමට සැලසුම් කර තිබේ.

පටු අරමුණු මුදුන් පමුණවා ගැනීමට ගුරුවරුන් ද නොමග යවමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාප ඛේදනීය බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Latest News