දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කාන්තාවක් 2ක් මරුට

සැප් 26, 2019

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලණිගම අතර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

     ඊයේ රාත්‍රී 11.30ට පමණ  අනතුර සිදුවුනේ ජීප් රථයක්, ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන්. අනතුරින් ජීප් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවන් සිව් දෙනෙකු බරපතල තුවාල ලැබීය. රියදුර හා එක් කාන්තාවක් නාගොඩ රෝහලටත්, කාන්තාවන් දෙදෙනෙක් බණ්ඩාරගම රෝහලටත්, අනෙක් කාන්තාව හොරණ රෝහලටත් ඇතුළත් කෙරිණ. අනතුරුව බණ්ඩාරගම රෝහලට හා නාගොඩ රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනෙක් මිය ගිය බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 07:57

    Latest News