නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ මැතිවරණයක් ප්රකාශයට පත්කර ඇති මේ මොහොතේ ඇතැම් වෘත්තීය සමිති වැඩ වර්ජන පැවැත්වීමට සූදානම් වන්නේ, දේශපාලන වාසි අපේක්ෂාවෙන් බවයි. රජය ඉදිරි කාල සීමාවේ වැටුප් විෂමතා විසඳීමට පියවර ගෙන ඇති බැවින් වැඩවර්ජන පැවැත්වීමට අදාළ වෘත්තීය සමිති දරණ වෑයම තම සංගමය විසින් දැඩිව හෙළා දකින බව, ජාතික දුම්රිය සේවා සමිතිය නිකුත් කළ නිවේදනයේ සඳහන්. වෘත්තීය අයිතීන් දිනාගැනීම සඳහා ජනතාව අපහසුතාවට පත් කිරීම තමන් අනුමත නොකරන බව ද නිවේදනයෙන් අවධාරණය කර තිබේ.