දුම්රිය ස්ථානාධිපතිවරුන් හා බලධාරීන් අතර සාකච්ජාවක් අද

දෙසැ 27, 2021

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් හා ප්‍රවාහන බලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

    එම සාකච්ඡාවෙන් අනතුරුව වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේද? නැද්ද යන්න තීරණය කරණ බවයි, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ.

    පසුගිය 23 වැනිදා සිට ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයේ නිරතවන්නේ ඉල්ලීම් 24 කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

    ඒ අනුව මේ වනවිට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් භාර ගැනීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත් වී සිටියි.

    කෙසේ වෙතත්, දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබාදීමට දුම්රිය බලධාරින් කැමැත්ත පළ කර ඇති බවත්, නමුත් පදනම් විරහිත චෝදනා නඟමින් තවදුරටත් වර්ජනයේ නිරතවීම හෙළ දකින බවයි.

    Latest News