දුම්රිය සාමන්‍යාධිකාරි නීතිය අතට: වර්ජක සේවකයින්ට රතු එලියක් (වීඩියෝ)

ඔක් 02, 2019

    නීත්‍යානුකූල ලෙස වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකමින් කටයුතු කරන්නැයි දන්වා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අභ්‍යන්තර නියෝගයක් අංශ ප්‍රධානින්ට නිකුත් කර තිබේ.

    ලිඛිතව ප්‍රවාහන අමාත්‍යාංශයට හෝ දුම්රිය සාමාන්‍යධිකාරිවරයාට නොදන්නාවා දැනට ශ්‍රේණි කිහිපයකට අයත් දුම්රිය සේවකයින් වැඩවර්ජනයක නිරත වන බව එහි සඳහන්වේ.

    ඒ අනුව අසනීප නිවාඩු නොදමා සේවයට වාර්තා නොකළ සියලුම සේවකයින් සේවය අතහැර ගියා සේ සැලකීමට ආයතන නීතිය අනුව දුම්රිය සාමාන්‍යධිකාරීවරයාට බලය පැවරෙයි. සේවය අතහැර ගියා සේ සැලකීමේ අභ්‍යන්තර නියෝගය සහ ඒ අනුව කටයුතු කරන්නැයි අංශ ප්‍රධානින්ට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නියෝග කර ඇත්තේ ඒ අනුව වේ.

    ''අසනීප නිවාඩු ලෙස දන්වා නොමැතිව මේ දක්වා සේවයට වාර්තා කර නොමැති දුම්රිය ඒනජින් රියදුරු, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක හා අධීක්ෂණ කළමණාකරු යන ශ්‍රේණි වලට අයත් සියළුම නිළධාරීන්ට සේවයට වාර්තා නොකළ දින සිට කාර්යය පටිපාටි රීති 172 අනුව 12 පරිශිෂ්ඨය ප්‍රකාරව වහාම ධූරය හැරගියා සේ සලකා කටයුතු කරන ලෙස දන්වමි.... '' යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ

     

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 20:30

    Latest News