ජනතාවට පීඩා දෙන දුම්රිය වර්ජනය අදත් (වීඩියෝ)

ඔක් 02, 2019

    සිය ඉල්ලීම් ලබා දී තිබිය දීත් වැටුප් විෂමතා මුල්කරගනිමින් දුම්රිය රියදුරන්,නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය 7වැනි දිනටත් නිමාවට පත්ව නොමැති බව ජනතාවට පවසයි.

    ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දුම්රිය සේවකයින්ගේ ගැටළු විසඳීම සඳහා එම සේවාව සංවෘත සේවාවක් බවට පත්කිරීමේ යෝජනාවට අනුමැතිය හිමිවිය.

    රාජ්‍ය සේවයේ වැටුප් ගැටලුව විසඳීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වර්ජනයේ නිරත පිරිස සමග පැය හයකට අධික කාලයක් සාකච්ජාවකින් අනතුරුව ගැටළු සඳහා සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. එසේ තිබිය දීත් තවදුරටත් වර්ජනයේ නිරත වන්නේ නම් ඒ දේශපාලන අරමුණු මුල්කරගෙන බවයි, ඔහු වැඩිදුරටත් පවසන්නේ.

    අද උදෑසන දුම්රිය 7ක් ධාවනයට එක්කළ බවයි, දුම්රිය පාලක මැදිරිය පවසයි. කෙසේ වෙතත් දුම්රිය ධාවනය ක්‍රමවත්ව සිදුනොවීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි, මගී ජනතාව පවසන්නේ.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 16:02

    Latest News