මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර බැස යමින් පවතියි

සැප් 25, 2019

    මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් මතුව තිබූ ගංවතුර තත්වය මේ විට අඩුවෙමින් පවතින් බව මාතර දිස්ත්‍රික් ලේකම් ප‍්‍රදීප් රත්නායක මහතා කියා සිටියි.

    ගංවතුර තත්වය හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ක පවුල් 3787 ක පුද්ගලයින් 13448 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    නිල්වලා ගඟ පානදුගම ප‍්‍රදේශයෙන් පිටාර ගැලිමෙන් අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගය ද , අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගය හොන්දුගොඩ ප‍්‍රදේශයෙන්ද තව දුරටත් ජලයෙන් ජයටවිමෙන් ගමනා ගමන කටයුතු අඩාලව පවති. කිරම ආර ඔය පිටාර ගැලිමෙන් හේතුවෙන් ජලයෙන් යටව තිබූ කඹුරුපිටිය - මුලටියන මාර්ගයේ ජලය මේ යන විට සම්පුර්ණයෙන් බැස ගොස් ඇති අතර එහි ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. මාතර - කඹුරුපිටිය මාර්ගය අකුරුගොඩ ප‍්‍රදේශයන්ද තව දුරටත් සුලු වශයෙන් ජලයෙන් යටව පවති. කද්දුව - කඹුරුපිටිය මාර්ගයේ ගෝදාව ප‍්‍රදේශය ජලයෙන් යටව පැවති අතර මේ වන විට එම ස්ථානයේ ජයලය බැස ගොස් ඇත. අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගයේ එක් මං තීරුවක් විල්පිටි ප‍්‍රදේශයෙන් ගිලා බැසි ඇති අතර තවත් මං තීරුවකට පස් කන්දක් හා මාර්ගය හරහා ගසක් කඩා වැටි ඇත. මේ වන විට මාතර – හක්මණ මාර්ගය නායම්බල ප‍්‍රදේශය ජලයෙන් යටව පවතින අතර නිල්වලා ගඟ පිටාර ගැලිමෙන් නාදුගල ප‍්‍රදේශයේ පවුල් 60 කට පමණ ප‍්‍රමාණයක් මාර්ගයේ ඉදි කරනු ලැබු තාවකාලික කුඩාරම් හා වාහනවල සිටින ආකරය දැකිය හැක.

    කඹුරුපිටිය අකුරුගොඩ ප‍්‍රදේශයේ නිවාස 4 ක් නායා යෑමේ අවධානම මතුව ඇති හෙයින් එහි සිටින පුද්ගලයින්ට එම නිවාසවලින් ඉවත්වන ලෙස කඹුරුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යලය දැනුම් දී ඇත.

    මේ වන විටත් කද්දුව, වැල්ලතොට, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ, වැලිපිටිය,කනංකේ ආදි ප‍්‍රදේශවල පහත් බිම් රාශියක් ජලයෙන් යටව පවති.

    අවතැන් වු පුද්ගලයින්ට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සහන සැලසිමට ක්‍රියා කොට ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News