දුම්රිය ගමන් වාර 11ක් අවලංගුයි මගීන් අතරමං

ජූලි 24, 2023
    දුම්රිය රියදුරු සංගමයක් විසින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වී තිබෙනවා.

    නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව, විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර කළා.

    ඒ අනූව ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු වූ බවයි, දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්ය සාමාන්යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පවසන්නේ.
     
    අනූව, ඊයේ දින රාත්රී ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් වාර ද අවලංගු වීම හේතුවෙන් අද උදෑසන පිට පළාත්වල සිට කොළඹ දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය බොහෝ ප්රමාණයක් අවලංගු වී තිබෙනවා.
     
    කෙසේ වෙතත්, උදෑසන ධාවනය කිරීමට නියමිත කාර්යාල දුම්රිය 11ක් පමණ අවලංගු වී ඇති තිබෙනවා.
     
    ඒ අනූව, ප්රධාන මාර්ගයේ දුම්රිය 5ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දෙකක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක්, පුත්තලම් මාර්ගයේ එක් දුම්රියක්, උතුරු දුම්රිය මාර්ගයේ එක් දුම්රියක් ලෙස දුම්රිය අවලංගු වී තිබෙනවා.

    Latest News