බෙලිඅත්ත - කොළඹ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන් අරඹයි (වීඩියෝ)

සැප් 24, 2019

    කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (24) මංගල ගමන ආරම්භ කළේය.

    ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ආරම්භක සංඥාවෙනි. ඉන්දියාවෙන් ආනයනය කළ එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගි දුම්රියක් යොදා ගන්නේ.

    බෙලිඅත්ත - කොළඹ දෛනිකව ගමන් කරන දුම්රිය මගීන්ගේ ඉල්ලීම සැලකිල්ට ගනිමින් මෙම දුම්රිය ධාවනයට එක් කර තිබේ.

    අද ආරම්භ කෙරුණු කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මරදානෙන් සවස තුනට වෙයි. කොළඹ කොටුවෙන් පස්වරු 03.10ට ගමන් කරන එම දුම්රිය බෙලිඅත්තට පස්වරු 06.05ට ළඟා වේ. සෑම දිනකම අලුයම 02.15ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට උදෑසන 05.04ටද මරදානට 05.10ටද ළඟා වෙයි. අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර, කැකණදුර, වැවුරුකන්න යන දුම්රිය ස්ථාවලය එය නතර කෙරේ.

    කොළඹ සිට උතුරට සහ නැගෙනහිරට වයඹට ගමන් ගන්නා දුම්රිය ඉල්ලක්ක කර නව දුම්රියේ කාල සටහන සකසා ඇති බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා.......

    “දුම්රිය කියන්නේ පොදු ප්‍රවාහනයේ ලාභදායි සැපපහසු ප්‍රවාහන විධිය. දුම්රිය සේවාව දියුණු කළොත් මේ වන විට පොදු ප්‍රවාහනයේ ගැටළු රැසකට විසදුම් සොයා ගන්න පුළුවන්. ඒ අනුව අපි මේ කෙටි කාලය තුළ දුම්රිය සේවාවේ සාධනීය වෙනස්කම් රැසක් කිරීමට කටයුතු කළා. නව දුම්රිය මැදිරි වගේම දුම්රිය එංජින් ලංකාවට ඉන්දියාවෙන් සහ චීනයෙන් ගෙන ආවා. මහව - ඕමන්තේ, කැළණිවැලි දුම්රිය මාර්ග සංවර්ධනයට පියවර ගත්තා. තවත් බොහෝ ව්‍යාපෘති සිදු වෙමින් පවතනිවා. මේ සියලු දේවල්වල ප්‍රතිඵලයක් ලෙසට ඉදිරියේදී දුම්රිය සේවාව ඉදිරියට පැමිණෙනු ඇතැයි මම විශ්වාස කරනවා....”යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

    මෙම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළුව පිරිසක් එක් වූහ.

    beliattatrain px 900 19 09

    beliattatrain2 px 900 19 09

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 20:06

    Latest News