ශ්‍රී ලංකාව ආරක්‍ෂිත රටක්: ජාතික ආර්ථිකයට සංචාරක කර්මාන්තය තීරණාත්මක: CNN - රිචඩ් ක්වෙස්ට් (වීඩියෝ)

සැප් 24, 2019

    ශ්‍රී ලංකාව වඩාත් ආරක්‍ෂිත රටක් බව, ලොව ප්‍රකට සී.එන්.එන් මාධ්‍ය ජාලයේ ව්‍යාපාරික පුවත් සංස්කාරවරයෙකු වන මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට් පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, තිරසර අනාගතයක් සඳහා මෙරට ජාතික ආර්ථිකයට සංචාරක කර්මාන්තය තීරණාත්මක සාධකයක් වන බවයි. සී.එන්.එන්. මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට් ඇතුළු මාධ්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ වැඩසටහනක් නිෂ්පාදනය සඳහා චාරිකාවකට එක්ව සිටී. ඒ, සිනමන් හෝටල් සමූහයේ සත්කාරකත්වයෙන්. මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට් ශ්‍රී ලංකාවට පැමිණිමෙන් ලැබූ අත්දැකීම් පිළිබඳව රූපවාහිනියට අදහස් දැක්වීය......

    “පසුගිය වතාවේ පැය 20යි මම මෙහි සිටියේ.උදෑසන පැමිණ මධ්‍යම රාත්‍රියේදී පිටව ගියා. ඊට වඩා වැඩි ඕනෑම කාලයක් යහපත්. මිනිසුන් සමඟ සාකච්ජා පැවැත්වීමට පමණක් නොවෙයි. උණුසුම් ආගන්තුක සත්කාර, මිත්‍රශීලිභාවය මේ සියල්ලම අත්දැකීම්. ඒ වගේම රටේ ආර්ථිකය මොන දිශාවකට ද යන්නේ.

    කරුණු තුනක් ඔබ තේරුම්ගත යුතු වනවා. රට ආරක්‍ෂිත එකක් බවට පත් කළ යුතුයි. මිනිසුන්ට ආරක්‍ෂිතයි කියලා සිතෙන්න ඕනෑ. ආරක්‍ෂිතයි කියනවා පමණක් නොවෙයි. ඒ බව කීමට සාධක තිබිය යුතයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව ආරක්‍ෂිතයි. එය එසේමයි. දෙවනුව ඔබ අලෙවි කරන්නේ මොනවාද? වෙළෙඳ පොළ කුමක්ද? තෙවැන්න, කළ හැකියි කියා ඔබ පොරොන්දු විය යුතුයි. සංචාරක ක්‍ෂෙත්‍රයේ නිපුණයින්ගෙන් උපදෙස් අතිශයින්ම අවශ්‍යයි. පාස්කු ඉරිදා සිදුවුයේ ඉතාමත් ඛේදජනක සිදුවීමක් බව, මිනිසුන්ට අවබෝධයක් තියෙනවා. කෙසේ වුවත්, ඉන් නැගී සිට ඉදිරියට ගමන් කළ යුතුයි. තිරසර අනාගතය් සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක අංගයක් බවට සංචාරක කර්මාන්තය පත්පනවා“ යැයි රිචඩ් ක්වෙස්ට් මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 20:04

    Latest News