හදිසි ආපදා දැනුම් දීමට අංක 2ක්

සැප් 24, 2019

    හදිසි ආපදා තත්ත්වයකදී දැනුම් දීම සඳහා දුරකථන අංක දෙකක් හදුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

    ඒ අනුව 011- 2587229 හා 011 - 2454576 යන දුරකථන අංක ඔස්සේ පොලිස් පරිසර නාවික ආපදා කළමනාකරණ දිසාව ඇමතිය හැකි වේ.

    එසේම විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් ජීවිතාරක්‍ෂක හා ආපදා සහන නිලධාරීන් 50බැගින් නිලධාරීන් 150ක් කළුතර, ගාල්ල හා මාතර පොලිස් කොට්ඨාස වෙත මේවන විට යොමු කර ඇත. මීට අමතරව කිමිදුම් පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන් 50ක් ද අවශ්‍ය ස්ථාන වෙත වහාම යොමු කිරීම සඳහා පොලිස් නාවික කොට්ඨාසය විසින් සූදානම්ව තබා තිබේ.

    එසේම පොලිස් නාවික කොට්ඨාසය සතු යාත්‍රා 50ක් සහ ඔරු 35ක් ද අදාළ කොට්ඨාස වෙත යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    Latest News