දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්රකාශයට පත්කරන බව ශ්රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කළා.
පොලිස් රථවාහන රාජකාරියේ නියුතු නිලධාරියෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ නැංවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
කොකෙන් මත්ද්රව්ය තොගයක් සමග පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණා.
පාදුක්ක, අංගමුව ප්රදේශයේ දී සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යුක්තිය මෙහෙයුම යටතේ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා. 

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ චක්රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.
දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් 547 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුක්තිය මෙහෙයුම යටතේ අද (31) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News