ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (03) වැඩ භාර ගනු ලැබිණ.

හදිසි ආපදා තත්ත්වයකදී දැනුම් දීම සඳහා දුරකථන අංක දෙකක් හදුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම් බවත් විපතට පත්වන පුද්ගලයන් මුදවාගැනීමට හා ඔවුන්ට සහන සේවා සැපයීම සඳහාත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කර ඇති බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

Latest News