වතු හිමිකරුවන් දේශපාලකයින්: JVP පාලනයකින් අයිතිවාසිකම්.... අනුර කුමාර

සැප් 22, 2019

    වසර 71ක් මේ රට පාලනය කල පාලකයින් රටේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු නොකල බව ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

    අනුර කුමාර දිසානායක මහාතා මේ බව කියා සිටියේ එලඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් කදුරට සහෝදරත්ව ව්‍යාපාරය මගින් හැටන් බැස් නැවතුම්පොලේ අද (22) සංවිධානය කර තිබු ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අමතමිණි.

    මේ රටේ වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ඉහල දැමිමට කිසිවෙකුත් කටයුතු කර නොමැති බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. තම පාලනයක් තුලින් වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දමා වතුකරයේ ජනතාවගේ දු දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල නැංවිමට හොද අධ්‍යාපන ක්‍රමයක් සකස් කර සැම වතු කම්කරුවෙකුට ඉඩමක් සහිත නිවසක් ලබා දිමට කටයුතු කරන බව ඔහු වඩි දුරටත් අවධාරනය කළේය.

    වතුකරය නියෝජනය කරන දේශපාලඥයන් වතු සමාගම් හිමිකරුවන් බවත්, එම අයිතිකරුවන් කිසිසෙත් වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ඉහල නැංවිමට කටයුතු නොකරන බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුනී.

    Latest News