“දියකාවා“ අවසන් යුද අභ්‍යාසය හෙට (23)

සැප් 22, 2019

    “දියකාවා“ මෙහෙයුමේ අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය හෙට පැවැත්වේ.

    ඒ, ත්‍රිකුණාමලය, කුච්චවේලී වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින්. දියකාවා යුද අභ්‍යාසයේ අවසන් සූදානම පිළිබඳ නිරීක්‍ෂණය කිරීමට පකිස්තාන යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මින්නේරියේ පිහිටි දියකාවා යුද අභ්‍යාස මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට අද එක්වූහ. දියකාවා යුද අභ්‍යාසය ආරම්භ කෙරුණේ, සැප්තැම්බර් 3 වැනිදා සිටයි. ඕනෑම හදිසි අවස්ථාවකදී ඊට පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ කොට මෙහෙයුම් සඳහා යොදා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මකයි. මෙවර අභ්‍යාසය සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනාව සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් සෙබළුන් 2400ක් එක්ව සිටී. නාවික සහ ගුවන් හමුදා සෙබළුන් 600 දෙනෙකු ද දියකාවා යුද අභ්‍යාසයට එක්ව සිටී.

    Latest News