සීගිරිය කුඩු ජාවාරම්කරුවන් 'දියකාවා' දැලේ

සැප් 14, 2019

    ශ්‍රී ලංකා යුධ හමුදාව, වීදේශීය හමුදා කණ්ඩායම් හා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කෙරෙන කරන දියකාවා පුහුණු පෙරහුරු වැඩසටහනේ 10වැනි අදියරේ දී ත්‍රස්තවාදී නායකයන් පවත්වාගෙන යන මත්කුඩු ජාවාරම් වැටලීමේ ක්‍රියාකාරකමක් සීගිරිය අලුත්යාය ප්‍රදේශයේ දී පැවැත්විණ.

    නැගෙනහිර පළාත් ත්‍රස්තවාදී මුලස්ථානය වටලා ත්‍රස්තවාදීන්ට වෙඩිතබා ඝාතනය කොට යුද හමුදාවට විසින් එහි ප්‍රධාන ත්‍රස්තවාදී නායකයා නිරුපද්‍රිතව අල්ලා ගැනීමට එම මෙහෙයුමේ අරමුණයි.

    පසුව ඉතා සූක්ෂම ලෙස යුදහමුදා සහ ගුවන් හමුදා බලඇණිවල සෙබළු 50 කින් යුත් කණ්ඩායමක් මෙම ස්ථානය වටලා විදේශීය කණ්ඩායම් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට එන අවස්ථා සොයා බලා වැටලීම සිදුකරමින් වෙඩි තබා බෝම්බ ගසා එම ස්ථානය අත්පත් කර ගැනීම මෙම මෙහෙයුමේ දී සිදුකෙරේ.

    ප්‍රධාන ත්‍රස්තවාදී නායකයාගේ ආරක්ෂාවට සිටි සියලුම ත්‍රස්තවාදී සෙබළුන් ඝාතනයකර නායකයා ඇතුළු තිදෙනකු යුද හමුදාව අත්අඩංගුවට ගැනීම සිදුවිය. පසුව ගුවන් හමුදාවේ සහය ඇතිව හෙළිකොප්ටර් යානාවක් සිගිරියට ගෙන්වා ප්‍රධාන ජාවාරම්කරු හෙළිකොප්ටරයක එල්ලා රැගෙන යෑමට යුද හමුදාව ක්‍රියා කළේය. එය අනුව දියකාවා මෙහෙයුමේ දස වැනි පුහුණුවීම සාර්ථකව පැවැත්විණ.

    diya 02

    diya 03

    diya 04 1

    diya 07

    diya 08

    diya 05

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 10:20

    Latest News