'දියකාවා' ත්‍රිකුණාමලයෙන් අද අවසන් (වීඩියෝ)

සැප් 23, 2019

    දියකාවා මෙහෙයුමේ අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය අද සවස 2.00ට පැවැත්වීමට නියමිතයි.

    ඒ ත්‍රිකුණාමලය, කුච්චවේලි වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින්. දියකාවා යුද අභ්‍යාසයේ අවසන් සූදානම පිළිබඳ නිරීක්ෂණය කිරීමට පකිස්තාන යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මින්නේරියේ පිහිටි දියකාවා යුද අභ්‍යාස මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්විය.

    දියකාවා යුද අභ්‍යාසය ආරම්භ කෙරුණේ, සැප්තැම්බර් 3වැනිදා. ඕනෑම හදිසි අවස්ථාවක දී භට පිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ කොට, මෙහෙයුම් සඳහා යොදා ගැනීමේ අරමුණින් එය ක්‍රියාත්මකයි. මෙවර අභ්‍යාසය සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රමික බලසේනාව හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් සෙබළුන් 2,400ක් එක්ව සිටියි. නාවික හා ගුවන් හමුදා සෙබළුන් 600 දෙනෙකු ද දියකාවා යුද අභ්‍යාසයට එක්ව සිටියි.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 20:41

    Latest News