අධිවේගයේ අන නොතකා ජිවිතයෙන් වන්දි ගෙවීමක්

සැප් 14, 2019

    දක්ෂිණ අධිවේගයේ ඉදිකෙරෙමින් පවතින සූරියවැව-අන්දරවැව කොටසේ කොන්ක්‍රීට් කුට්ටි යෙදු මාර්ග බාදකයක මෝටර් රථයක් ගැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී දෙදෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

    අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 8.30ට පමණයි. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හුංගම ප්‍රදේශයේ පදිංචි නිමන්ත ප්‍රනාන්දු නැමති 31 හැවිරිදි පුද්ගලයෙකි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් කුට්ටි යොදා මාර්ගය වසා ඇති මෙම ස්ථානයේ නිතර අනතුරු සිදුවන බව වාර්තාවේ. අධිවේගී මාර්ගයට ඇතුල්වීම තහනම් කිරීම හෝ මෙවැනි ස්ථාන වල බාධක සංඥා යොදා දැනුවත් කරණ ලෙස ප්‍රදේශවාසිහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. සිද්ධිය සම්බන්දව සූරියවැව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

    Latest News