අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අද (09) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත තුල ඊයේ (06) සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමක දී සැකකරුවන් 1287ක් අත්අඩංගුවට ගෙන තිබේ.

දියකාවා මෙහෙයුමේ අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය අද සවස 2.00ට පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යුධ හමුදාව, වීදේශීය හමුදා කණ්ඩායම් හා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කෙරෙන කරන දියකාවා පුහුණු පෙරහුරු වැඩසටහනේ 10වැනි අදියරේ දී ත්‍රස්තවාදී නායකයන් පවත්වාගෙන යන මත්කුඩු ජාවාරම් වැටලීමේ ක්‍රියාකාරකමක් සීගිරිය අලුත්යාය ප්‍රදේශයේ දී පැවැත්විණ.

රට තුළ බෝම්බ පුපුරුවා අහිංසක මිනිස් ජීවිත බිලිගත් ත්‍රස්තවාදී අන්තවාදී කල්ලි අපරාධකරුවන් සොයා රටපුරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පවසන යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කර මෙම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන එම ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන් ම විනාශ කර රට තුළින් පළවා හැර ඉතා කෙටි කාලයක් තුළ මේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරවන බව පවසයයි.

Latest News