දුම්රිය හා බස් රථ අවුරුදු මෙහෙයුම අරඹයි

අප්‍රේ 09, 2021

    අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අද (09) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.

    මගීන්ගේ පහසුව උදෙසා අද සිට අතිරේක දුම්රිය ගමන් වාර 21ක් ධාවනයට එක් කර ඇති බවයි,දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුර ගමන් සේවා සංවිධාන කර තිබේ.

    දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සංඛ්‍යාව ද වැඩිකර ඇති අතර මීට අමතරව අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ සංඛ්‍යාව ද උත්සව සමයේ වෙනුවෙන් ඉහළ නංවා ඇති බවයි, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

    Latest News