කන්චිපානිට දුරකතන දීමට ගිය පියා-සොයුරා ඇතුළු 6ක් මාට්ටු

සැප් 12, 2019

    පාතාල නායකයකු වන කන්චිපානි ඉම්රාන්ට බූස්ස බන්ධනාගාරයේ තුළදී ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර ලබාදීමට තැත්කළ පුද්ගලයන් හයදෙනෙකු අද (12) බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් පිරිස අතර කන්ජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරකු සහ මිතුරන් සිව්දෙනෙකු එ අතර වන බව පොලිසිය පවසයි.

    අද (12) දිනයේ ඕනෑම අයෙකුට රැඳවියන් බැලීමට අවස්ථාව ලබාදී තිබූ අතර ඒ අනුව ඔවුන් ආහාර බඳුනක්ද රැගෙන බූස්ස බන්ධනාගාරයට පැමිණ ඇත. එය ලබාදීමට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදි එම ප්ලාස්ටික් බඳුන පතුලේ සුක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකතන දෙකක් සහ චාජර් 02ක් සොයා ගත් බව පොලිසිය පවසයි.

    අධිකරණමය කටයුතු සඳහා සැකකරුවන් රත්ගම පොලිසියට බාරදී ඇත.

    Latest News