මහජන ආරක්ෂාව තාහුරුවට හා ත්‍රස්තවාදය මර්ධනයට ජපානයෙන් ප්‍රදානයක්

සැප් 12, 2019

    ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලීසිය, ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම වෙත පවතින ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධන හැකියාවන් ශක්තිමත් කිරීමට යෙන් බිලියන 1.6 ක ව්‍යාපෘති නොවන ප්‍රදාන යටතේ, අත්‍යාවශ්‍ය උපකරණ ලබා දීමට එකඟ වී තිබේ.

    ඉහත ප්‍රදාන ආධාරය සඳහා වන හුවමාරු පත්‍ර අත්සන් කිරිම, අද දින මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

    ඒ අනුව, මහජන ආරක්ෂාව සහ ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය නිරීක්ෂණ හා ආවේක්ෂණ උපකරණ ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලීසියට සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත රාජ්‍ය ආරක්ෂක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ හරහා ලබා දෙනු ඇත.

    ශ්‍රි ලංකා රජය වෙනුවෙන්, මුදල් අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විසින් හුවමාරු පත්‍ර සඳහා අත්සන් කළේය.

    රට තුළ වේගයෙන් වර්ධනය වෙමින් පැවති සංචාරක ක්ෂේත්‍රය වෙත විශාල ඍණාත්මක ආර්ථික බලපෑමක් ඇති කිරිමට පාස්කු ඉරිදා දින ත්‍රස්තවාදී ප්‍රහාරය මුල්විය. එමඟින් ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇති කෙරිණ. ඉහත තත්වයට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස, ලෙස මෙම ප්‍රදානය පිරිනැමුණ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2019 16:31

    Latest News