කන්ජිපානීට දුරකථන රැගෙන ආ හයදෙනා යළි රිමාන්ඩ්

ඔක් 10, 2019

    රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානී ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුලු සැකකරුවන් හයදෙනා 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    නියෝගය නිකුත් කළේ ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතායි. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කන්ජිපානී ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ ඥාතින් සතුව තිබූ සැකකටයුතු පාර්සලයක් පරික්ෂා කර තිබේ. ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් එහි තිබී සොයා ගෙන ඇති අතර ඉන් අනතුරුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 12:36

    Latest News