කන්ජිපානි ඉම්රාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරයට (විඩියෝ)

සැප් 20, 2019
  • විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල පාතාල කල්ලි නායකයෙක කන්ජිපානි ඉම්රාන් ඔක්තෝබර් 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    බන්ධනාගාර නිලධාරීන් විසින් අද ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කෙරිණ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය අධිකරණයට කියා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු කන්ජිපානි ඉම්රාන්ව ලබන 4 වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

    පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවකට අනුව කෙසෙල්වත්ත පොලිස් නිලධාරීන් විසින් කංජිපානි ඉම්රාන්ගේ සගයෙකු වු කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුට ගෙන ඇත.

    විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන එල්ල කොට අසභ්‍ය වචනවලින් බැන මරණීය තර්ජන කර ඇතැයි ද ප්‍රකාශ කළ කෙසෙල්වත්ත පොලීසිය මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස කංජිපානි ඉම්රාන් නම්කර තිබේ.

     

     

     

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 09:01

    Latest News