යුද්ධයක් ඇති නොවීමට පලාත් සභාව ශක්තිමත් කිරිමට ක්‍රියා කරනවා

සැප් 08, 2019

    යළි යුද්ධයක් ඇති නොවීමට සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    යාපනයේ පැවැත්වෙන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....

    “සිංහල, මුස්ලිම්, දෙමළ යන කොටස්වලට තමන්ගේ භාෂාව, තමන්ගේ සංස්කෘතිය, කියලා සතුටු වෙන්න පුලුවන් පරිසරයක් අපි ඇති කරලා තියෙනවා. ඒක තමයි සංහිඳියාව කියන්නේ. අපි යළිත් යුද්ධයක් ඇති නොවන අන්දමට කටයුතු කරන්න අවශ්‍යයි. මේ සඳහා රජයක් හැටියට අපි 2015 සිට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත්, තවත් එක් කටයුක්තක් කිරිමට ඉතිරිව තිබෙනවා. එය පාර්ලිමේන්තුව තුළ අපට බහුතරයක් නොමැතිවීම නිසා අපට අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනිමට නොහැකි වුණා. අලුත් ව්‍යවස්ථාව තුළ ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමයි. අනෙක් එක වන්නේ බලය බෙදාහැරිමයි. උතුරේ ජනතාවට එදිනෙදා කටයුතුවලට දායකවන්න පළාත් සභාවලට දෙන බලතල වැඩි කිරීම ගැන අපි සාකච්ජා කර තිබෙනවා. බලය බෙදා හැරීමේ ව්‍යවස්ථාව සම්මත කරගැනීමට නොහැකි වුණත් බලය බෙදාහැරිම ගැන සියලු පාර්ශ්වල එකඟගතාවය පලවී තිබෙනවා. එම යෝජනා ක්‍රියාත්මක කිරිමට අප සමඟ වෙනත් පක්ෂ ගණනාවක් එකඟ වී සිටිනවා. අපි ඉල්ලා සිටින්නේ ඊළඟ පාර්ලිමේන්තුවේදී එය යෝජනා ක්‍රියාත්මක කිරීමට අපට බලය ලබාදෙන ලෙසටයි ඔහු කියා සිටියේ.

    Latest News