වැල්ලවාය මල්වත්තාවල කදු රක්ෂිතයේ උදෑසන සිට විශාල ගින්නක්

සැප් 08, 2019

    වැල්ලවාය මල්වත්තාවල කදු රක්ෂිතයේ අද (8) උදෑසන සිට විශාල ගින්නක් හට ගෙන තිබේ.

    මෙම ගින්න මේ වන විට රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර අක්කර විස්සකට වඩා වැඩි කැලෑ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

    මෙම රක්ෂිතයේ වසර සිය ගනනක් ඉපැරැණි ශාක රැසක් පවතින අතර එම ශාක ගින්න නිසා විනාශ වී ඇති බව අප වාර්තාකරු පවසයි. ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් ව්‍යාප්තවේ. ගින්න මැඩපැවැත්වීම සදහා යුදහමුදා භට කණ්ඩායමක් කැදවන බව මොනරාගල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.

    කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරිමේ අරමුනින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව වැල්ලවාය පොලිසිය පවසන අතර වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

    wallawayafire1 px 900 19 09

    Latest News