නීති විරෝධි ධීවරයින් 05ක් නාවික හමුදා බාරයට

සැප් 08, 2019

    කොකිලායි මුහුදු ප්‍රදේශයට ආසන්නයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන තිබේ.

    ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ සෙබලුන් කොකිලායි ප්‍රදේශයේ කළ මුර සංචාරය දි නීති විරෝධි දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇත.

    එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ අඩි 360 ක් දිගැති තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට පත් පුද්ගලයින් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

    නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.

     

     

    Latest News