තවුහිද් නායක සහරාන්ගේ බිරිඳ අදත් පාපොච්චාරණයක

සැප් 04, 2019

    කොළඹ ෂැංග්‍රිල්ලා හොටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මිය ගිය ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් මොහොමඩ් කාසිම්ගේ බිරිඳ වන ‍අබ්දුල් කාදර් ෆාතිමා සාදියා අද කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ තෙවන දිනටත් විශේෂ පාපොච්ඡාරණයක් කළාය.

    පැය දෙකකට ආසන්න කාලයක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නිළ මැදිරියේ මෙම පාපොච්ඡාරණය සහරාන්ගේ බිරිඳ විසින් සිදුකරනු ලැබුවාය.

    ඇය අසනීප තත්ත්වයකින් පෙලීම හේතුවෙන් පාපොච්ඡාරණය සිදු කිරීම අතරමග නතර කිරීමට සිදු විය.සහරාන් නැමැති ත්‍රස්තවාදියාගේ බිරිඳ රහස් පොලිසිය භාරයේ දැඩි ආරක්ෂාවක් යටතේ අධිකරණයට රැගෙන විත් තිබුණ.

    රහස් පොලිසියේ එම විමර්ශනය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අංශය භාර ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ලබන 25 වනදා කැදවීමට නියමිතය.

    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2019 18:34

    Latest News