තවුහිත් නායක සහරාන්ගේ දියණිය වෙනුවෙන් පරිවාස වාර්තාවක්

අගෝ 22, 2019

    ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් මොහොමඞ්ගේ වයස අවුරුදු 4ක දියණිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධානි සහ කොලඹ ෂැංග්‍රිල්ලා හොටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මිය ගිය ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් මොහොමඞ් සිද්ධියට අදාළව නඩුව අද කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

    ත්‍රස්ත නායකයාගේ දරුවා සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙසට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඉකුත් නඩු දිනයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    දරුවා මේ වන විට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටින සහරාන්ගේ බිරිඳ වන ‍අබ්දුල් කාදර් ෆාතිමා සාදියා භාරයේ සිටි. මෙම සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝම්බර් මස 16 වනදා කැවීමට නියමිතයි.

    Latest News