ඇල්පිටිය ප්‍රාදේශිය සභා තැපැල් ඡන්ද අයදුමට දින නියමවේ

සැප් 04, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් බාර ගැනීමේ කාලසීමාව ලබන 13 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එම දිනය යළි කිසිසේත් දීර්ඝ නොකරන බව, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඇල්පිටිය පළාත් පාලන ඡන්දයට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාල සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කෙරේ.

    මැතිවරණ කොමිසන් සභාවේ elections.gov.lk වෙබ් අඩවියට පිවිස තැපැල් ඡන්ද අයදුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා වූ තොරතුරු ලබාගත හැකියි. ආරක්‍ෂක හමුදා කඳවුරුවල සේවයේ නියුතු නිලධාරීන්ට අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2019 18:56

    Latest News