තවුහිද් ජමාද් නායකයාගේ DNA පරික්ෂාව දියණියගෙන්......ප්‍රහාරයන්හි තවත් තොරතුරු එළියට

මැයි 10, 2019

    ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඞ් කාසිම්ගේ ඞී එන් ඒ හඳුනාගැනීම සඳහා ඔහුගේ දියණියගේ (04) රුධිර සාම්පල ගෙන රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කර වාර්තාවක් ඉදිරිපත් කිරිමට කොළඹ අධිකරණ වෛද්‍යවරයාට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද 10 නියෝග කළේය. 

    මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කළ ත්‍රස්ත නායකයාගේ ශරීර කොටස් හිසකෙස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ නියම ඉල්ලා සිටියේය. 

    බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදී නායක සහරාන්ගේ බිරිඳ වන කාතන්කුඩි බෝම්බ පුපුරුවා හැරීමකදී තුවාල ලබා ප්‍රතිකාර ලබා සිටින අබ්දුල් කාදර් ෆාතිමා සාදියා සහ ඔහුගේ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව අද අධිකරණයට දැනුම් දිනී.

    ෂැංග්‍රිලා හෝටලයේ සැකකරුවන්ට අයත් භාණ්ඩ වන පෝලෝ කැම් වර්ගයේ නිල් කලු පැහැති ටී ෂර්ට් 2ක් ලැප්ටොප්හි බෑගයක්, කුඩා අරාබි අක්ෂර සහිත කුරානයක් පිලවුස් ෆස්ට් ඇන්ඩ් එෆ් ටී ඔරිජිනල් ලෙස නම් සඳහන් කර ඇති කවරයක බභා තිබූ බිත්තර රොටි තිබූ බව ද ඉටි කොළයක් සිම් කාඩ් රඳවන ඇඩප්ටරය ඇතුලු භාණ්ඩ තොගයක් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. මේ අතර ගල්කිස්ස ටෙම්පල් පාරේ ඔවුන් නැවති සිටි බව කියන නිවසේ තිබූ භාණ්ඩ මෙන්ම කොළඹ 4 අංක 10 5/2 ශාන්ත අන්තෝනි මාවත නිවසේ තිබූ භාණ්ඩ තොගයක් ද රජයේ රස පරීක්ෂක වරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා අවසර ලබා දුනී. මේ අනුව ඒවා පරීක්ෂා කර වාර්තාවක් යොමු කරන ලෙස මහේස්ත්‍රතාත් විසින් රජයේ රස පරීක්ෂක වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

    එමෙන්ම ෂැංග්‍රිලා හෝටලයේ තිබි හමුවී ඇති රුපියල් 8330 ක් මුදලක් සහ ජංගම දුරකථන ඇතුලු අනෙකුත් භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම භාණ්ඩ රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන්නැයි සිදු ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා අවසර ලබා දුන්නේය.

     

    Latest News