තව්හිද් ජමාත් නායක සහරාන් මියගිය බවට නිළ තහවුරුවක්....DNA දියණියගේ සහ බිරිඳගේ

මැයි 21, 2019

    පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සිදු කරන ලද ප්‍රහාරකයන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ DNA පරීක්ෂණ වාර්තා අද (21) රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම DNA පරීක්ෂණ වාර්තා ලැබි ඇති බව අද පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම බව අනාවරණ කළේය.

    කොළඹ ෂැංග්‍රිලා හෝටල බෝම්බ ප්‍රහාරයට බෝම්බ දෙකක් රැගෙන ආ අතර, එයින් එක් පිපිරීමක් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් විසින් සිදුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. කොළඹ සිනමන්ඩ් හෝටලයේ පිපිරීම මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ්ය විසින් සිදුකල බවත් ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ ව්‍යාපාරික ඊබ්‍රාහිම් යන අයගේ පුතුන් දෙදෙනා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසියීය. මෙම මරාගෙන මැරුණ බෝම්බකරුවන්ගේ DNA ඔවුන්ගේ පියාගේ DNA සමඟ ගැළපී ඇති බව ද රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වර්තාකර ඇති බව ඔහු කියා සිටියේය.

    ෂැංග්‍රිලා හෝටලයේ පිපීරිම් දෙකෙන් අනෙක් පිරිමි සිදුකල පුද්ගලයා මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් බව ඔහුගේ බිරිඳගේ හා දියණියගේ DNA සමඟ සැසඳි ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. ඒ අනුව මොහොමඩ් සහරාන් ජීවිතක්ෂයට පත්වු බවත් තහවුරුවි ඇති බව ඔහු පෙන්වා දුනී.

    කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයා වන අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන්ගේ හා ඔවුගේ ‍දෙමාපියන් සමඟ ද DNA ගැලපී තිබේ. කොච්චිකඩේ මරාගෙන මැරෙන ප්‍රහාරක අලව්දීන් අහමඩ් මුවාත්ගේ හා ඔහුගේ දෙමාපියන්ගේ DNA සමඟ ගැලපී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

    දෙහිවල ටොපිකල් ඉන් ලැඟුම් හලේ බෝම්බ පුපුරුවා ගත් අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ගේ DNA ඔහුගේ දරුවාගේ හා බිරිඳගේ DNA සමඟ සැසදී තිබේ. මඩකලපුව සියෝන් දේවස්ථානයේ බොම්බකරු වු මොහොමඩ් නසාර් මොහොමඩ් අසාත්ගේ මවගේ DNA සමඟ ගැලවී ඇත.

    මේ අතර, කිංස්බරි හෝටලයේ ප්‍රහාරකයා වන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අයගේ DNA ද දරුවා හා බිරිඳ සමඟ ගැලපී තිබේ.

    දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක තුළ පිපිරීමක් සිදු කර ගත් මොහොමඩ් ෆාතිමා ජිෆ්රිගේ ෂැංගිලා හෝටලයේ බෝම්බකරු වු මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් නැමැත්ගේ බිරිඳ බවත් දෙමටගොඩ පිපිරීමෙන් ජිවිතක්ෂයට ළමයින් තිදෙනා ඔවුන්ගේ දරුවන් බවත් අද දින නිකුත් වු DNA වාර්තාවල සඳහන්ව ඇතැයි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    ඒ අනුව මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ DNA ඔවුන්ගේ ඥාතීන් හා සැසදෙන බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට දැනුම් දි තිබේ.

    Last modified on බදාදා, 22 මැයි 2019 10:36

    Latest News