ත්‍රස්තවාදින්ගේ තොරතුරු දුන් අයෙකුට ජනපතිගෙන් මුදල් ත්‍යාගයක් (වීඩියෝ)

ජූලි 24, 2019

    අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව අම්පාර සයින්දමර්දු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදුන් නිට්ටඹුව ප්‍රදේශයේ ලොරි රථ රියදුරු වෙත රුපියල් ලක්ෂ 50ක මුදල් ත්‍යාගයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පිරිනැමීය.

     ත්‍යාග මුදල පිරිනැමීම අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු අම්පාර සයින්දුමර්දු ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදි පුපුරන ද්‍රව්‍ය සහ වෙනත් උපකරණ සොයා ගනු ලැබුණේ මොහු විසින් පොලිසයට ලබාදුන් තොරතුරකට අනුවයි. මිගමුව ප්‍රදේශයේ සිට ඔහුගේ ලොරිරථයෙන් මෙම උපකරණ සයින්දමර්දු ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වු සැකය මත ඔහු විසින් පොලිසියට තොරතුරු ලබාදී තිබේ.

    සයින්දුමර්දු ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදි පුපුරන ද්‍රව්‍ය සහ වෙනත් උපකරණ පසුගිය අප්‍රේල් 26 වැනිදා පස්වරුවේ සොයාගනු ලැබිණ. බයිසිකල් බෝල ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක්, නයිට්‍ර්ක් ඇසිඩ්, සල්පිරියන් අම්ලය, දුරකතන එකළොහක්, වයර්, බැටරි, මුහුණු අවර්ණ, ඩේටනේටර් මෙන්ම තවත් වටිනා භාණ්ඩ රැසක් හමුවි තිබේ. ඩෝනා කැමරාවක් සහ තොරතුරු සහිත චිප් රැසක් සහ ලැප්ටොප් එකක් ද සොයා ගැනිමට හැකිවිය.

    වැඩබලන පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on බදාදා, 24 ජූලි 2019 20:02

    Latest News