නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මාර්ගෙන් එම අභියාචනය අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත.
කංජිපානි ඉම්රාන් සිය අභියාචනයෙන් කියා සිටින්නේ ගංජා කිලෝග්රෑම් 5.3 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට තමන් වරද පිළිගැනීමෙන් පසුව කොළඹ මහාධිකරණය විසින් තමන්ට බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කළ බවයි.
තමන්ට නියම කළ දඩුවම ඉතා අධික බව පෙන්වා දෙන කංජිපානි ඉම්රාන් එම දඩුවම ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද සිය අභියාචනයෙන් ඉල්ලා තිබෙනවා.