දයාසිරි ජයසේකර නියෝගයක් ලබාගනී

ජූලි 02, 2024
    පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයෙන් හා ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

    තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින් දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    Latest News