පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් කරුණු විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වලක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තමා ඉවත් කර ඇති බවත්, නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ද අත්හිටුවා ඇති බවත් දයාසිරි ජයසේකර මහතා ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා වරාය නාවික හා ගුවන් කටයුතු අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනු කළ නඩුව සම්බන්ධයෙන් ලබන 19 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එම පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු වෙත කොළඹ දිසා අධිකරණය අද නොතීසි නිකුත් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නේ නම්, ඊට සහය දීමට තම පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

දේශීය ඇඟලුම් නිෂ්පාදනය ඉදිරි වසර 05 තුළ දි වර්ධනය කිරීම සඳහා සාකච්ඡාවක් පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙරටට විදේශ විනිමය ගෙන එන ප්‍රමුඛ කර්මාන්තයක් බවට යළි මැණික් කර්මාන්තය ගොඩ ගැනීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අරමුණ බව, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරිපත් වුවද, එම පක්ෂයේ ප්‍රචාරක රැලිවලට සහභාගීවීමට සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිපයේ සහයෝගය ලබා දෙන්නේ කුමන පාර්ශවයටද යන්න නිල වශයෙන් හෙට ප්‍රකාශ කරන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ පෙත්සමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එහි සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Latest News