තණමල්විල සරුවට වැව් ගංජා හේන ගිණි බත්වේ (ඡායාරූප)

සැප් 04, 2019

    තණමල්විල බලහරුව ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධීව වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ගංජා හේන අක්කරයක පමණ භූමියක වගාකර තිබු අතර එවා උස අඩි හයකට ආසන්න උසකින් සරුවට වැවි තිබු බව පොලිසිය පවසයි.

    ගංජා හෙනේ ගංජා පැල විසිපන්දහසකට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර එවායේ වටිනාකම රුපියල් කෝටි ගනනක් වන බවයි පොලිසිය පවසන්නේ.

    සියලුම ගංජා පැල පොලිස් නිලධාරීන් විසින් ගලවා ගිනිතබා විනාශ කර තිබේ. සැකකරුවන් දෙදෙනා මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි හතලිස් නම හැවිරිදි සහ තිස් හත් හැවිරිදි පුද්ගලයකුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩි දුර විමර්ශන සදහා තණමල්විල පොලිසිය වෙත භාර දී ඇති අතර වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් වැටලීම සිදුකර ඇත.

    canabies1 px 900 19 09 04

    canabies2 px 900 19 09 04

    Latest News