පා.ම. දුමින්ද අදත් ජනපති කොමිසම හමුවට

සැප් 04, 2019

    රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (04) නැවත වරක් පෙනී සිටිමට නියමිතයි. 

    දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා සිටියදී කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි DPJ පෞද්ගලික ගොඩනැඟිල්ලක මාසික කුලී පදනමට බදු ගෙන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදිමට මෙලෙස කැඳවා ඇත.

    මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත ද කොමිසම හමුවේ පෙනි සිටිමින් ප්‍රකාශ ලබා දුන්නේය. එමෙන්ම මෙම ගොඩනැගිල්ලේ හිමිකාරිය ලෙසින් ගිවිසුම් අත්සන් කර ඇති ප්‍රවීන නිළි සබීතා පෙරේරා මහත්මියද කොමිසම හමුවේ පෙනී සිටියාය.

    Latest News