පා.ම. දුමින්ද: මුස්ලිම් විවාහ නීතියෙන් ළමා කාළය අහිමි වෙලා

අගෝ 21, 2019

    රටක එක නීතියක් පැවතිය යුතු බවත් එය ජාතීන් සහ වර්ග අනුව වෙනස් විය නොමැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. එකම නීතිය ජාතීන් දෙකකට වෙනස්ව ක්‍රියාත්මක විවෘත මනසකින් අඩුපාඩු හදා ගත යුතුව බව ඔහු කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මේ බව කියා සිටියේ තලාව ක්‍රිස්තියාණී දෙව් මැදුර සඳහා පුටු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා “බෞද්ධයෝ විදිහට අපි සියලු ජාතීන් එක්ක හොඳින් එකට එකතු වෙලා ජීවත් වෙච්ච කට්ටියක්, හැබැයි පහුගිය කාළය තුළ අපි අතර නොයෙකුත් සැකයන්, වෙනස්කම්, අපි නොදැක්ක දේවල් දකින්න පටන් ගත්තා. පහුගිය කාළයේ රටටම විශාල හානියක් කරන විට ක්‍රිස්තියානී ආගමට විශාල හානියක් සිදු කළා. ඒ අප අතරම ඉන්න අන්තවාදීන් පිරිසක්. කොයි තරම් අපට ඒක රිදෙනවාද, දැනෙනවාද කියලා ගත්තොත්, පාස්කු ප්‍රහාරය සිදු වෙලා පැයක් වගේ ඇතුළත අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව් මැදුරට ගිහින්, පියතුමා හමුවෙලා මම කටුවාපිටිය දේවස්ථානයට පැය 3-4 ක් ඇතුළත ගියා. ඒ ගියපුවහම මම දැක්කා සිදු වෙලා තිබුණ විනාශය. සමහර වෙලාවට අපි අතර ඉන්න නූගත්, වෙනත් මතයන් වල ඉන්න සමහර අන්තවාදී පිරිස් උත්සහ කළා. ඒ නිසා අපි ඉතාමත් අවබෝධයෙන් කටයුතු කරන්න ඕන කම තියෙනවා.

    අපි බෙදුනම, වර්ග වලට කැඩුනම තමා වෙනසක් තේරෙන්නේ, අපි වර්ග වලට කැඩෙන් නැතිව ඉන්නවා නම් සියලු දෙනාම මනුශ්‍යයෝ විදිහට, මම කැමති ආගමක් මම අදහනවා, තව කෙනෙක්ට තව ආගමක් අදහන්න පුළුවන්. වෙනස වෙන්නේ අපේ ඇදහිල්ලේ විතරයි. අපේ දරුවන්ට අපේ රට බෙදෙන්නෙ නැති, සමඟි සම්පන්නව, ජාතීන් අතර සමගිය හා විශ්වාසය තියෙන රටක ජීවත් වෙන පිරිසක් බවට අපේ දරුවෝ පත් කරන්න ඕනකම තියෙනවා. ඒ වෙනුවෙන් අපි මේ වෙලාවේ කරන්න තියෙන වෙනස්කම් ටික කරන්න වෙනවා. සමහර විට අපි පවත්වාගෙන ආව දේවල් අපිට අයින් කරන්න වෙනවා. රටක අපි ජීවත් වෙනවා නම් එක නීතියක් තියෙන්න ඕන, ඒ නීතිය ජාතීන්ට, වර්ග වලට බෙදෙන්න පුළුවන්කමක් නෑ, හැබැයි අපේ රටේ ඉතිහාසයේ එහෙම තිබුණා, අපිට ඒවා තේරුණේ නෑ, අපි ඒවා ගණන් ගත්තේ නෑ, එකම නීතිය ජාතීන් දෙකකට වෙනස්ව ක්‍රියාත්මක වෙනවා අපි කවුරුත් මේවා ගැන කථා බහ කලේ නෑ, ලංකාවේ විවාහ නීතිය ගත්තොත් කතෝලික, සිංහල අයට අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවෙක් එක්ක ලිංගික සම්බන්ධතාවයක් පැවැත්තුවොත් වරදකරුවෙක් ලෙස හිරේ යනවා, හැබැයි මුස්ලිම් ආගමේ වයස අවුරුදු 12 න් පස්සේ පූජකතුමන්ගේ අනුමැතිය ඇතිව, දෙමාපියන්ගේ දරුවන්ගේ අනුමැතිය නැතිව වුණත් බඳින්න පුළුවන්කම තියෙනවා. එකම වැඩේ වෙන්නේ. සිංහල හා ක්‍රිස්තියානී දරුවන්ගේ අයිතිය ආරක්ෂා වුණාට මුස්ලිම් ආගමේ නීතිය අනුව දරුවන්ට ළමා කාලය, අධ්‍යාපනය හා සමාජයේ තියෙන ඉගැන්වීම්, හුරුව මේ සියල්ලම නැති වෙලා. ඒක සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, බර්ගර් හෝ වෙනත් ආගමක්, ජාතියක් වේවා අඩුපාඩුවක් තියෙනවා නම් නිවැරදි කර ගත යුතුයි කියන තැනට අපි ඇවිත් තියෙනවා. ඒක අපේ ජයග්‍රහණයක් නොව අපේ අනාගත දරුවන්ගේ ජයග්‍රහණයක් යැයි පැවසීය.

     

    Latest News