නීති විරෝධිව ගෙනා දුම්වැටි රේගු භාරයට

අගෝ 31, 2019

    නීතිවිරෝධීව මෙරට රැගෙන ආ දුම්වැටි 10,000 ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට පවත්වා ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක්.

    ගමන් මළු දෙකක තිබී මෙම දුම්වැටි තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසීය. අත්අඩංගුවට ගැණුනු දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 6 කි.

     

    Latest News