නීති විරෝධී දුම්වැටි ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ජූලි 19, 2023

    පොලිස් විශේෂ කාර්ය බලකාය නීති විරෝධී දුම්වැටි තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වැටලීම සිදු කර ඇත්තේ, ඇල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසල් ආශ්‍රිතවයි.

    විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි 4200 ක් පමණ වැටලීමේදී සොයා ගැනුණා. එවැනි දුම්වැටි 400 ක් පමණ අලෙවි කරමින් සිටි තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්, විමර්ශන සඳහා ඇල්ල පොලීසිය වෙත බාර දෙනු ලැබුවා.

    Latest News