යහපත් රටක් ගොඩනැගීමට කාන්තාවන්ගේ දායකත්වය වැදගත්කම මහින්ද පහදයි

අගෝ 31, 2019

    යහපත් රටක් ගොඩනැගීමට කාන්තාවන්ගේ දායකත්වය ඉතා වැදගත් වන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක සහ විපක්ෂ නායක මහින්ද රජපක්ෂ මහතා පවසයි.

    ශී‍්‍ර ලංකා පොදුජන කාන්තා පෙරමුණේ පළමු සමුළුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

    විපක්ෂ නායක මහින්ද රජපක්ෂ මහතා......
    කාන්තාවන්ට බොරු කරන්න හොඳ නෑ. යමක් දෙනවයි කියලා නොදී ඉන්නත් හොඳ නෑ. කොටින්ම කාන්තාවන්ට බොරු පොරොන්දු දෙන්නත් හොඳ නෑ. කාන්තාවට බොරු පොරොන්දු දුන්නොත් ඒක තමයි ඒ මිනිහගේ අවසානය. ආණ්ඩුවක් බොරු පොරොන්දු දුන්නොත් ආණ්ඩුවට වෙන්නෙත් ඒ ටිකමයි. කෙතේ, කුඹුරේ වැඩ කරන ඉස්කෝලේ උගන්නන, ආණ්ඩුවේ රස්සාව කරන, පුද්ගලික අංශය දුවවන, පවුල නඩත්තු කරන, රට ගිහින් හම්බු කරලා ගෙදරට එවන, එහෙම කරලා රටේ ජාතික ආදායම ගොඩනගන කාන්තාව තේරුම් ගත්තේ නැති කෙනකුට මේ රට පාලනය කරන්න බෑ. ලංකා ඉතිහාසයේ මේ වාගේ පක්ෂයක් හදන්න කාටවත් බැරිවෙලා තියෙනවා. දැනටමත් අපේ පක්ෂයේ විශාල වැඩ කොටසක් කාන්තාවන් අතින් ඉටුවෙන බව පෙනෙනවා. සදාචාර සම්පන්න සමාජයක් හදන්නයි අපිට ආශිර්වාද කරන්නේ. ඒකට අපි හොඳම සුදුසුකම ලබලා තියෙනවා යැයි ඔහු කියා සිටියේය.

    Latest News