හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්න අවශ්‍ය නෑ; අමාත්‍ය රුවන් (විඩියෝ)

අගෝ 25, 2019
  • හදිසි නීතිය ඉවත් කිරීමෙන් රටේ ආරක්‍ෂාවට තර්ජනයක් නොවන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    “අපි හදිසි නීතිය මාසයකට දීර්ඝ කෙරුවේ නුවර පෙරහැරට අවශ්‍ය ආරක්‍ෂාව ලබාදෙන්න. ඒකට පොලිසියෙනුත් ඉල්ලීමක් කෙරුවා යුද හමුදාවෙන් සහයෝගය අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි අපි හදිසි නීතිය තවත් මාසයකට දීර්ඝ කෙරුවේ. දැන් ආරක්‍ෂක තත්වය දිහා බලනකොට තත්වය පාලනය කරලා තියෙන්නේ. හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතනවා හදිසි නීතිය දීර්ඝ කරන්න, දීර්ඝ කරන්න රටට එන සංචාරකයන්ටත් ලොකු බලපෑමක් තියෙනවා. අපි හමුදාපති සමඟ සාකච්ජා කෙරුවා. පොලිස්පතිතුමාත් එක්කත් සාකච්ජා කරලා සියලු දෙනාම කිව්වා දැන් හදිසි නීතිය ඉවත් කරන්න සුදුසු වෙලාව කියලා“ යැයි රුවන් විජේවර්ධන මහතා පැවසීය.

    හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ නමින් බියගම මල්වාන ප්‍රදේශයේ මාවතක් නම් කෙරිණ. අමාත්‍යවරයා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 20:19

    Latest News