දරුවන්ට වස පෙවූ පියා ගෙල වැලලාගෙන

අගෝ 25, 2019

    පුත්තලම, උඩප්පුව, පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පියෙකු විසින් සිය දරුවන් දෙදෙනාට වස දී ඝාතනය කර ඔහු ද සිය දිවි නසා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

    මිය ගොස් ඇති දරුවන් දෙදෙනා පිරිමි දරුවන් වන අතර ඔවුන් අවුරුදු 7 හා 13 වයස්වල පසුවන්නන්. පිය 31 හැවිරිදි පුද්ගලයෙක්.

    දරුවන් දෙදෙනාගේ සිරුරු මේ වන විට පුත්තලම මහ රෝහලේ තැන්පත් කර තිබේ. දිවි හානිකරගත් පුද්ගලයාගේ සිරුර තවමත් සිය නිවසේ ඇති බවයි, පොලීසිය පවසන්නේ. පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 14:15

    Latest News