CID අධ්‍යක්ෂට එරෙහි විදෙස් ගමන් තහනමක් ඉල්ලා මෝසමක්

අගෝ 19, 2019

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ඉල්ලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් අද ඉදිරිපත් කෙරුණා.

    ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වු මාකඳුරේ මදුෂ්ගේ නිතිඥයා විසින් කොටුව මහේස්ත්‍රාත් අදිකරණයට මෙම මෝසම ඉදිරිපත් කළේය. පාතාල නායකයෙක් ලෙස, ඩුබායි රජයෙන් ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව මාස තුනක රැඳවුම් නියෝග කාලය පසුගිය 03 වනදා ඉක්ම ඇති බව ඔහු සිය මෝසමෙන් කියා සිටි. එ අනුව තම සේවාදායකයා මුදාහරින ලෙස නීතිඥවරයා පෞද්ගලික පැමිණිල්ලක් මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මාකඳුරේ මදුෂ්ගේ නීතිඥවරයා අද දවසේ මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ශානි අබේසේකර මහතා මෙම පැමිණිල්ල සම්බන්ධ අධිකරණ කටයුතු මගහැර රට යන ආරංචියක් පැතිර යන බවත් එම නිසා ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසයි.

    මේ සම්බන්ධයෙන් ලබන 29 වනදා සලකා බලන බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ උසස් පොලිස් නිලධාරින් පිරිසක් ඝාතනය කිරිමට සැළසුම් කළ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාකඳුරේ මදුෂ්ව අත්අඩංගුවට ගෙන දින 90ට වැඩි කාලයක් රඳවා ප්‍රශ්න කළේ කුමන නීතිමය තත්ත්වයක් යටතේ ද යන්න විමසීමට ලබන 21වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට පසු ගිය 9වනදා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර කළේය.

    Latest News