CID උඩු මහළින් පැන කතක් සියදිවි හානිකර ගනී

ජන 11, 2022

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන තට්ටුවෙන් පැන කාන්තාවක් සියදිවි නසාගෙන තිබෙනවා.

    මෙලෙස සියදිවි හානි කර ගෙන ඇත්තේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ 46 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
    පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළේ ජනේලයකින් ඇය එළියට පැන ඇති බවයි.

    අද (11) පාන්දර 04.00ට පමණ මෙම සිද්දිය වී ඇති අතර කොටුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ සිදු කරයි.

    Latest News