සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙක් ඊයේ (27) දහවල් 12.15ට පමණ කෙසෙල්වත්ත පොලිස් වසමේ මිරානියා වීදිය‍, ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

මාකදුරේ මධුෂ් රඳවා ප්‍රශ්න කිරීම ගැන මානව හිමිකම් කොමිසමට දැනුම් නොදුන් බව කියන සිද්ධියට අදාළව CIDහි ASP ඉන්දික ලොකුහෙට්ටිට දෙසැම්බර් මස 20 අධිකරණයේ පෙනි සිටිමට නොතිසි නිකුත් කරයි.

ඩුබායිහි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ මාකදුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ අයුතු සිරකර තැබීමක් සිදු කර ඇති බවට තීරණය කිරීමට ප්‍රමාණවත් කරුණු නැතැයි පවසමින් මාකඳුරේ මධුෂ්ගේ නීතිඥ ජාලිය සමරසිංහ මහතා ගොනු කළ පුද්ගලික පැමිණිල්ලේ නඩුව අවසන් කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ඉල්ලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් අද ඉදිරිපත් කෙරුණා.

ඩුබායිහි සිට පිටුවහල් කිරිමෙන් පසු ඊයේ (05) දිවයිනට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඩුබායිහිදී අත්අඩංගුවට පත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වු මාකඳුරේ මධුෂ් එරටින් පිටුවහල් කර අද (05) දිවයිනට පැමිණි පසු කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන තිබේ. සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් අද අළුයම 5ට පමණ යූ.එල් 226 ගුවන් යානයෙන් කටුනායකගුවන් තොටුපලට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. පසුගිය පෙබරවාරි 05වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 31දෙනෙකු ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමෙන් පසු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා මත බන්ධනාගාර ගත කර තිබිණි.

මෙම සාධයට සහභාගිවු පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වෑන් රෝයන් ද සිටි අතර ඔවුන් ද අත්අඩංගුවට පත්වුයේය. අත්අඩංගුවට පත් මදුෂ් ඇතුලු කණ්ඩායම සම්න්ධයෙන් එරට පොලිසිය සිදුකල පරීක්ෂණ අනුව අවස්ථා කිහිපයකදී මොවුන් පිටුවහල් කළ අතර ප්‍රථමයෙන් දිවයිනට පැමිණියේ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා වේ.

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ සිටි මෙම කණ්ඩායම අවස්ථා කිහිපයකදී ලංකාවට පැමිණි පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව පිරිසක් මුදා හැරි අතර තවත් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගත කෙරිණි. ඩුබායි රාජ්‍යයෙන් මීට සතියකට පෙර පිටුවහල් කිරීමෙන් ලංකාවට පැමිණි පසු ගායක අමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරිමෙන් අනතුරුව මුදා හැරිණි.

ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස මාකදුරේ මදුෂ් ඩුබායි අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප විය. මේ අතර මාදුෂ් දිවයිනට පැමිණි පසු අත්අඩංගුවට ගැනිම වැලැක්විමට ඔහුගේ ඥාතියෙක් විසින් ශ්‍රේඨාධිකරණයට ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද ප්‍රතික්ෂේප කෙරිණි.

මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් විශාල ප්‍රමාණයකට අත්අඩංගුවට ගැනිමට අවශ්‍යව සිටින මාකදුරේ මදුෂ් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම සම්බන්ධයෙන් ඔහු පොලිසියෙන් චෝදනා එල්ල වී තිබේ.

දකුණ පලාත් සභාවේ හිටපු පලාත් සභා මන්ත්‍රිවරයෙකු වන ඩැනි හිත්තැටියගේ මහතාව 2006 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව ද මාකදුරේ මදුෂ්ට එල්ලවි ඇත.

බුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන්රූයන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා තවදුරටත් ඩුබායි පොලිසිය බාරයේ පසුවන බව, එහි ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් පිළිබඳ නීතිමය ක්‍රියාවලියක් ඩුබායිහිදී ද සිදුකෙරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Latest News